iranama
වසර විසි නවයකට පසු සිදුවන සෙනසුරු මාරුවට පෙර වදනක්
එළඹෙන 2017 නව වසරේ සිදුවීමට නියමිත මහා සෙනසුරු මාරුවට තවත් ඇත්තේa හරියටම මාසයකුත් දින කීපයක් පමණි. එනම් එළඹෙන 2017 ජනවාරී 26 වන ගුරු දින රාත්‍රී 07.19 ට පමණ ශනි ග්‍රහයා දැනට ගමන් කරන කුජ හිමි වෘශ්චික රාශියේ සිට තමාට සම රාශියක් වන ගුරු හිමි ධනු රාශියට පිවිසීමට නියමිතය. පසුගිය 2014 වූ නොවැම්බර් මස 2 වන ඉරු දින රාත්‍රී 09. 05 සිට 2017 වසරේ ජනවාරී 26 වන ගුරු දින රාත්‍රී 07.19 දක්වා වසර 2 යි මාස 03 කට ආසන්න කාලයක් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා තමාට සතුරු රාශියක් වූ කුජ හිමි වෘශ්චික රාශියේ ග්‍රහ ගෝචරයේ යෙදුනි.
ග්‍රහ මඩුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමි ග්රහයෙකු වන දුකට අධිපති ලෙස ජ්‍යෙdතිෂයේදී හඳුන්වනු ලබන ශනි ග්‍රහයා තිස් වසරකට පසු වසර දෙකහමාරකට ආසන්න කාලයක් වෘශ්චික රාශියේ සතුරුව අසුබව ගමන් කර තවත් මාසයකට ආසන්න කාලයකින් තම සම රාශිය වූ ධනුවට පා තැබීමට නියමිතයි. එනම් හරියටම 2017 ජනවාරී මස 26 වන දින ශනිගේ ගමනාන්තයට ඔහු ළඟා වනු ඇත. විශේෂයෙන් සෙනසුරු වෘශ්චිකයේ ගමන් කළ පසුගිය කාලයට වඩා මෙම ඉදිරි සෙනසුරුගේ ධනු රාශි ගමන ඔබට රටට ලෝකයට පසුගිය වසර 2 කට වඩා යහපත් වනු ඇත.
අප සමාජයේ ජීවත් වන බහුතරයක් දෙනා සෙනසුරුට දක්වන්නේ ඉමහත් මෙන්ම අසීමත බියකි. එයට හේතු වී ඇත්තේ ශනි ග්‍රහයා නිරන්තරයෙන් මිනිසාගේ ජීවන ගමන වෙනස් කිරීමට ප්රමුඛ වන ග්රහයෙකු නිසාවෙනි. නමුත් පරිනත මිනිසෙකු බිහිකරන්නේද සෙනසුරු විසිනි. ඒ ශනි ලෝකෝත්තර ග්රහයෙකු නිසාවෙන් ලෞකික ජීවිතයේ ඇති නිස්සාරත්වය මනාවට ජන්මියාට පසක් කර දීමට සෙනසුරු මූලික වනු ඇත. අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයින් ප්‍රධාන කොට ගනිමින් ජ්‍යෙdතිෂ ශාස්ත්රයේදී පලාපල විමසනු ලබනවා. පෘථීවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡායා ග්‍රහයින් දෙපල වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු, යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යෙdතිෂයේදී පාපී ග්රහයෙකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහාමාරකට ආසන්න කාලයකදී ය. එය අපට බලපෑම් කරන ග්‍රහයින් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ග්‍රහ ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාව ධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.
මෙම ඉදිරි ශනි මාරුවට පෙර එනම් සෙනසුරු මේ වන විට වෘශ්චික රාශියේ අවසන් අංශක කිහිපය තුළ ගමන් කරමින් සිටී. ශනි දැනට ගෝචර වන මෙම කුජට අයත් වෘශ්චිකය අවිනිශ්චිත මෙන්ම ජල රාශියකි. එසේම තිර රාශියකි. ඒ අනුව සෙනසුරුගේ මෙම වෘශ්චිකයේ අවසන් ග්‍රහ ගමන අප රටට මෙන්ම ලෝකයටද එතරම් සුබවාදී නොවනු ඇත. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නාධිපතිත්වය දරන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ලග්නයෙන් 10 වැන්නේ සතුරු රාශි ගත වීමත් මේෂ ලග්න ලෝකායන කේන්දරය තුළ අට වැන්නේ සතුරු රාශි ගත වීමත් අප රට හා ලෝකය සම්බන්ධයෙන් ගත් කල අතිශය තීරණාත්මක හා අවිනිශ්චිත තත්ත්වයකි. ඒ අනුව ඉදිරි මාසයක පමණ කාලය ස්වභාවික විපත්වල කැපී පෙනෙන ඉහළ යැමක් පෙන්නුම් කරනු ඇත. මෙම කාලය තුළ කැපීපෙනෙන ලෙස ගංවතුර තත්ත්ව, නාය යැම් ඇතුළු ජල විපත්වල ප්රමුඛ ඉහළ යැමක් පෙන්නුම් කරනු ඇත.
රිය අනතුරු, ගුවන් හා දුම්රිය අනතුරු, සාගරය ආශ්රිත කැළඹීම් තත්ත්ව. මුහුදු හා ජලය ආශ්රිත අනතුරු, නෞකා අනතුරු, මහජන නොසන්සුන්තා, උද්ඝෝෂණ, වැඩ වර්ජන, මෙන්ම අපරාධ වල ඉහළ යැමක් පෙන්නුම් කරයි. දේශපාලන ලෝකය තුළ කැපී පෙනෙන වෙනස්කම් මෙන්ම දේශපාලනය තුළ උණුසුම් පුවත් මැවෙන කාලසීමාවකි. පාලක පක්ෂයට කැපී පෙනෙන අර්බුද හා බාධාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලසීමාවකි. සෙනසුරු වෘශ්චිකයේ ගමන් කරන මෙම අවසන් කාලසීමාව ප්‍රබල දේශපාලන නායකයන්ට අපල හා පීඩා ඇති කරනු ඇත. විපක්ෂයට වාසි දායක තත්ත්වයන් උදා වනු ඇත. මැතිවරණ පැවැත්වෙන ලකුණු පහළ වනු ඇත. දේශපාලන පිල්මාරු නව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බිහි වනු ඇත. මැති ඇමතීන් අතර මත ගැටුම් හා පරස්පර අදහස් ඇති වන කාලයකි. ජනතාවට ආර්ථික ප්‍රශ්න උග්‍ර වනු ඇත. විවිධාකාරයේ උද්ඝෝෂණ කම්කරු ව්‍යාපාරයේ නැගීටීම් මෙන්ම සමාජීය ගැටලු රාශියක් ඉදිරි කාලයේ ඇතිවේ. ලෝක සාමය බිදී යාමට හේතුවන කාරණා සිදුවීමට ඉඩ ඇත. ත්‍රස්ත හා පාතාල නායකයන්ට අපල දායක කාලයකි.
මේෂ හා වෘශ්චික යන ලග්න හිමියන්ගේ මෙතෙක් කල් නොවිසඳුනු ගැටලුවලට කැපී පෙනෙන පිළිතුරු හිමිවන අතර තුලා හා ධනු ලග්න හිමියනට මෙම කාල සීමාව ඉතාම තීරණාත්මක කාල වකවානුවක් වන්නේය. විශේෂයෙන් කැපී පෙනෙන අපල සහිත කාලයකි. ලග්න කීපයකට සුබපල උදාකළත් බහුතර ලග්නවලට අසුබපල උදාවනු ඇත. මෙහිදී සෙනසුරු මහ දශා, අතුරු දශා, ලග්න, වන්ද්ර හෝ අෂ්ටම ඒරාෂ්ටකයන් නිසා සිදුවන පීඩා කරදර ආදී වශයෙන් විවිධ පීඩාවන්වලට මුහුණ දීමටත් මේෂ, තුලා, වෘශ්චික හා ධනු යන ලග්න හිමියන්ට අසුබ ඵලත් මිථුන, කන්‍යා, මකර, මීන යන ලග්න වලට සාමාන්‍ය සුබ ඵලත් වෘෂභ කටක සිංහ කුම්භ යන ලග්න වලට මධ්‍යම ඵලත් උදා වනු ඇත. සියලු ලග්න වල ශනි ග්‍රහ හා අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව ඒ ඒ ලග්න හිමියන්ට පොදුවේ විවිධ ආකාරයේ සුබ අසුබ මිශ්‍ර ප්‍රතිඵල ලැබීමේ හැකියාව පවතී.
අපායේ හෝ ස්වර්ගයේ යතුර ඇත්තේ සෙනසුරු අතය. ඒ ශනි ග්‍රහයා පිළිබඳව ජනප්‍රිය කියමනකි. මෙම යතුරු දෙකෙන් ලබා ගත යුතු යතුර තීරණය කළ යුත්තේ ඔබ විසිනි. මන්දයත් යහපත් වූ ධාර්මික ක්‍රියාවල අප යෙදුන කල සෙනසුරු අපට නොපැකිළිව ස්වර්ගයේ යතුර ලබා දෙනු ඇත. එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්‍රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගත කරන කල අනිවාර්යෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු නොඅනුමානයි. එය යථාර්ථය හා පරම සත්‍ය ලෙස අප වටහා ගත යුතුය.
සෙනසුරුගෙන් උදා වන්නා වූ ග්‍රහ අපල සඳහා පහත සඳහන් වත් පිළිවෙත් ඉටු කිරීම තුළින් එම ග්‍රහ අපල තත්ත්වයන්ගෙන් බොහෝ දුරට අත්මිදීමේ හැකියාව ඔබට උදා වනු ඇත.
* ඔබ බෞද්ධයෙකු නම් පුර පක්ෂයේ දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාලව නිල්මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09 ක් දැල්වීම තුළින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.
* සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලඳ නවග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබ දායක වනු ඇත.
* සෙනසුරු ඒරාෂ්ටක ශනි මහ දශා හා අතුරු දශා අපල පවතින විට සෙනසුරු ග්‍රහයාට අයත් වෘක්ෂය වන නුග වෘක්ෂයට සාත්තු කිරීම.
* මෛත්‍රී භාවනාව වැඩීම සුබ දායක වේ.
* සෙනසුරාදා (ශනිදා) දින වල උදේ 6/7 ත් අතර එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලි 8 ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න )
* දුඟී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න (ආහාර ඇඳුම් පැළඳුම් හා මුදල් )
* හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිලී යන සතෙකුට කෑමට දෙන්න.
* හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.
* ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.
* දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.
* අමාවක පොහොය දින වල තමාගේ වයසට අදාළව බෝධියක් අභියස එළඟි තෙල් පහන් දල්වන්න
* ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න
* මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන්දෙන්න.
* විෂ්ණු දේව රාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් භාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම සෙත්කවි කියවීම ඉතා සුබ දායකය.
* අතපය වාරු නැති අයහට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් එළවළු වෑංජන සහිතව දන්දීම සුබ දායක වනු ඇත.
* නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැළදීම.
* සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.
* කළුතල අංජනකැට වීපොරි සතකුප්ප බැවිල සුවඳකොට්ටම් දේවදාර කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.
* කිරි අම්මාවරුන්ට දානයක් දීම
* නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම
* නිල්පාට මල් වැඩිපුර පූජා කිරීම.
සෙනසුරු ප්‍රධාන නවග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහයන්ට අදාළ දෙවිවරු සිටිනා අතර ඒ අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අදාල අධිපති දෙවියන් වහන්සේ වන්නේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් වන ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේය. එම නිසා සෙනසුරුගෙන් වන පීඩා හා ග්‍රහ අපල වලක්වා ගැනීමට ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේ උදෙසා පුද පූජා හා ග්‍රහ ශාන්ති කර්ම පැවැත්වීම ඉතාම සුබ දායක වනු ඇත.
වැඩිදුර තොරතුරු නොමිලේ ලබා ගැනීම සඳහා 0772753100 අංකය අමතන්න.
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස් කල්පගේ
divaina.com